• (+94) 037-2231116
  • lakdasademelcollege@gmail.com
previous arrow
next arrow
Slider

ලක්දාස ද මැල් විද්‍යාලය 

වයඹ පළාතේ කුරුණෑගල නගරයේ පිහිටි අප විදු මාතාව රට දැයට නැණ ගුණ සපිරි පුරවැසියන් විශාල සංඛ්‍යාවක් තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 
වසර 150කට ආසන්න අතීතයකට හිමිකම් කියන ලක්දාස විදු මෑණියන් අදටත් සිය සිප්සතර කිරට හරවා තම දූ පුතුන්ට ලබා දෙන්නේ මහත් උපේක්ෂාවෙනි. 1872 දී ක‍්‍රයිස් චර්ච් විද්‍යාලය නමින් ඇරඹි සිප්හල ලක්දාස ද මැල් විද්‍යාලය ලෙස 1959 දී සිය නාමය වෙනස් වූයේ රන්තලිය වැව අසල අසිරිමත් බිම්කඩ පරිත්‍යාග කළ අදි රදගුරු ලක්දාස ද මැල් පියාණන්ට ගෞරව කිරීමක් වශයෙනි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අද වන විට විද්‍යා/කලා/වානිජ සියලූ අංශවලින් හා 6 -11 ඉංග‍්‍රීසි මාධ්‍ය පන්ති ද පවත්වා ගනිමින් ද්වී භාෂා මාධ්‍යයෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි.

 

More...