සරසවි ගෙලදම් ඉඳුමිණි බන්දූ
වැව්දිනිතිය පිස එයි මක රන්දූ
රක්ෂිත පවුරින් ක්ෂිතිජය කැන්දූ
හසති ශෛලපුර කිතුගොස රැන්දූ
වන්දේ ශිර්ෂ ප්රණාමෙන්
මාතා ලක්දස මැල් විදුහල්
සත්කෝරල ගජ සිංහ ධජය සිඹ
ලෙලදෙයි ඔබ ධජයද පිරි නුඹ ගැඹ
අභීත පිය පිය සටහන් ගජ මුතු
අතීතයෙන් සොයමින් ඒ එකමුතු
වන්දේ ශිර්ෂ ප්රණාමෙන්
මාතා ලක්දස මැල් විදුහල්
සක්වට දිවි බාධක තරණය කර
මහමෙරවන් විදු නැණද ළගාකර
සත්‍ය දිවාකර ලොවට උදාකර
අප ජය ගන්නට දෙනු මැන අවසර
වන්දේ ශිර්ෂ ප්රණාමෙන්
මාතා ලක්දස මැල් විදුහල්