වර්ෂ 1872 ආරම්භ කරන ලද ක්‍රයිස් චර්ච් විද්‍යාලය ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍යයෙන් කීර්තිමත් පාසලක් විය. එවකට මෙම විද්‍යාලය පිහිටුවා තිබුණේ කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට වර්තමානයේ පේෂකර්ම වෙළඳ සංකීර්ණය පිහිටා ඇති ස්ථානයේය. පසුව නගරයේ සිදුවූ සීඝ්‍ර දියුණුවත් සමගම එම ස්ථානයෙන් ඉවත්කොට අති ගරු ලක්දාස ද මැල් රදගුරු හිමි තුමාගේ මව සතුව තිබූ භූමිභාගයේ පාසල පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාග කරන ලදී. පසුව වර්ෂ 1959 එවකට පැවති රජය පාසැල් රජයට පවරාගැනීම හා රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු බව තීරණය වීමත් සම`ග පාසල්වල නම් ද වෙනස් විය යුතුයැයි ව්‍යවස්ථාගත කරන ලදී. මෙහිදී ක්‍රයිස් චර්ච් නම් අප විද්‍යාලයේ එවකට එංගලන්ත ලංකා සභාවේ හිටපු විදුහල්පති අතිගරු ලක්දාස ද මැල් රදගුරු හිමිට ගෞරවයක් වශයෙන් ලක්දාස මහා විද්‍යාලය නමින් නම් කරන ලදී.
මෙහිදී සිදුවූ විශේෂ කරුණක් නම් එවකට ජනප්‍රියව තිබූ අනෙකුත් පාසල් කොන්දේසි මත සමගාමීව රජයට පවරා දුන් නමුත් අතිගරු ලක්දාස ද මැල් රදගුරු හිමි සතු මෙම විද්‍යාලය සහිත ඉඩම කොන්දේසි විරහිතව රජයට පැවරූ අතර, මෙම භූමිය පාසලේ කණිෂ්ඨ අංශය වශයෙන් ද පාසලට නුදුරින් එතුමාගේ නිවස පිහිටි ස්ථානය පාසලේ ජ්‍යෙෂ්ඨ අංශය ලෙස ද ගොඩනැගිලි ඉදිකොට පවත්වාගෙන යාමට කටයුතු කළ නමුත් පසුව පත්වූ රජය මගින් එතුමාගේ නිවස පිහිටි ස්ථානය වෙනත් නමකින් සියලූ පහසුකම්වලින් යුත් පාසලක් බිහි කරන ලදී.
මේ කාලය තුළ පාසලට රජයෙන් ලැබිය යුතු සියලූම වරප්‍රසාද ද අහිමි විය. පාසලේ අද වන විටත් නිල ලාංඡුනය වශයෙන් එතුමාගේ නිල ඇඳුම පිහිටන සේ සකස්කර ඇති අතර, එහි ආදර්ශ පාඨ වශයෙන් ලතින් භාෂාවෙන් ”VINCIT OMINA VERITAS’’යන අර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් ”TRUTH CONQUERS EVERYTHING” යනුවෙන් ද සිංහල භාෂාවෙන් ”සත්‍ය සියල්ල ජයගනී ” යනුවෙන් ද වේ. පාසල පටන් ගත් දින පටන් අද වන විටත් කිසිදු ආගම් භේදයකින් තොරව පවත්වාගෙන යන ලදී. සෑම වසරකම කැළණිය විශ්ව විද්‍යාලය සඳහා වැඩිම ප්‍රතිශතයක් සරසවි වරම් ලබාගත් මෙම පාසල වරෙක කැළණිය විශ්ව විද්‍යාලයේ ”පුංචි ලක්දාස” යනුවෙන් ද වාර්තාගත වී ඇත. එමෙන්ම ක්‍රීඩා කුසලතාවයන් ඉහළ නංවා පාපන්දු ක්‍රීඩාවෙන් හා මලල ක්‍රීඩාවලින් ද සමස්ත ලංකා ජයග්රහණයන් ද ලබා ඇත.
2011 වසරේ සිට නැවතත් ලක්දාස ද මැල් රදගුරු තුමන්ට ගෞරවයක් වශයෙන් එතුමාගේ සම්පූර්ණ නම භාවිතාකොට ලක්දාස ද මැල් විද්‍යාලය ලෙස මෙම පාසලේ නම වෙනස් කළ අතර අද වන විට විද්‍යා/කලා/වානිජ සියලූ අංශවලින් හා 6 -11 ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ද පවත්වා ගනිමින් ද්වී භාෂා මාධ්‍යයෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබයි.
අද වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 2000 ට ආසන්නව ද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව, අ.පො.ස. සා.පෙළ , උසස් පෙළ ප්‍රතිඵල ද ඉහළ මට්ටමක පවතින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැක.
පාසලේ පවතින සීමිත ඉඩකඩ තුළ සිසුන්ට අධ්‍යාපනය හැදෑරීමට නුසුදුසු වූ අබලන් ගොඩනැගිලි ඉවත්කර නව තෙමහල් ගොඩනැගිලි පන්ති කාමර සංකීර්ණයක් ඉදිකිරීමට අවශ්‍ය සියලූ කටයුතු සිදුකර මේ වන විට එහි ප්‍රථම සහ දෙවන අදියර නිම කොට, තෙවන අදියරේ වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතී.
සමස්තයක් ලෙස ගත් කළ සියලූ බාධක මැඩ ගනිමින් ලක්දාස ද මැල් විදුහල් මාතාව නොනැවතෙන යුග මෙහෙවරක යෙදී සිටී.
|
ආරම්භ කළ වර්ෂය |
1872 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
|
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
|
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ක්‍රයිස් චර්ච් විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට වර්තමානයේ පේෂකර්ම වෙළඳ සංකීර්ණය පිහිටා ඇති ස්ථානය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|