විදුහල්පති පණිවිඩය
ලක්දාස ද මැල් විද්‍යාලය

ක්‍රි.ව. 2020 වන විට 148 වන වියට පා තබන, ලක්දාස ද මැල් විද්‍යාලය මගින් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් අද වන විට රටේ ඉහළ තැන්වල තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති..
දැනුම, ආකල්ප, කුසලතා පිරි සංවේදී පුරවැසියෙක් බිහිකිරීමට අපගේ දැක්ම වන අතරම දරුවන්ගේ සහජ කුසලතා හඳුනා ගනිමින් විවිධ කෂේත්රයන්හි නිපුණතා ඇතිකොට පොත පතෙහි දැනුම පමණක් නොව පරිසරයට සංවේදී පුරවැසියෙක් නිර්මාණය කරමින් තමා වෙනුවෙන් පමණක් නොව අනෙකා වෙනුවෙන් ජීවත් විය යුතු බව සිසු හදවත් තුළ ජනිත කරවීම මාගේ ඒකායන අරමුණ විය.
එසේම මෙවන් වූ අදහස් හදවත් තුළ රෝපණය කර ගනිමින් අපගේ දරුවන් වත්මන් ලෝකයට සුදුසු පුද්ගලයෝ ලෙස පාසලෙන් පිටව සමාජ ගතවනු ඇත. මෙවන් වූ උදාර පරමාර්ථයක් පෙරටු කරගෙන ද්විභාෂා අධ්‍යාපනය ද පාසල තුළ ස්ථාපිත කෙරිණි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ලක්දාස ද මැල් විද්‍යාලය